ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම ගැටලුවක් බවත් කවුරු ඉන්ධන මිල වැඩි කළත් දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
“ඒක අපිට ගැටලුවක්. ගිය සැරෙත් අයි.ඕ.සී. එක වැඩි කරපු වෙලාවේ අයි.ඕ.සී. එකේ අධ්යක්ෂ මණ්ඩලය ගෙනල්ලා කිව්වා තෙල් සංස්ථාවත් එක්ක සම කරන්න කියලා. මම ලේකම්තුමියට කිව්වා ඒ ගිවිසුම පරීක්ෂා කරලා බලන්න අපිට ඒකට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. ඒ බලපෑම කරන්න පුළුවන්නම් සඳුදා අපි කැබිනට් එකට පත්‍රිකාවක් ඇරලා කැබිනට් එක දැනුවත් කරලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා. කවුරු ගියත් අපේ තෙල් මිල වැඩි කරන්නේ නෑ දැනට”