රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඔමික්‍රෝන් ආසාදිත නිරෝගී පුද්ගලයන්ගෙන් අධි අවදානම් සහිත පුද්ගලයන්ට වෛරසය බෝවන බැවින් පෙරට වඩා දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ මේ හේතුවෙන් වාර්තා වන රෝගීන්ට වඩා සමාජය තුළ ඔමික්‍රෝන් ආසාදිතයන් සිටින බවයි.
ඒ අනුව රෝග ලක්ෂණ නොපෙන්වීම තුළ පී.සී.ආර්. සඳහා යොමුවන සංඛ්‍යාව අඩු වන බවට පෙන්වා දුන් ඒ මහතා, දළ වශයෙන් 30 දෙනෙකු පමණ දෛනිකව මේ වනවිට මරණයට පත්වන බවද පැවසීය.
හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේ තමන්ට සමීපතම පුද්ගලයාටද ඔමික්‍රෝන් ආසාදිතව ඇතැයි සිතා කටයුතු කිරීම මෙම අවස්ථාවේදී නුවණට හුරු වන බවයි.