පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසියන් හෙළි කිරීමට රජයට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තුළ සිටිය නොහැකි බවයි.
කෙසේ වෙතත් අධිකරණමය ක්‍රියාවලියක් හරහා පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසියන් සොයා ගත හැකි බවත් තමන්ට ද්විත්ව පුරවැසිභාවයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.