දළඳා වන්දනාවට පැමිණීමේදී විශාල ප්රමාණයේ ගමන් මලු රැගෙන ඒමෙන් වලකින ලෙස ශ්රී ලංකා යුද හමුදාව වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
දළඳා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා නවාතැන් පහසුකම් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳ අවාධානය යොමුකරමින් යුද හමුදාව මෙම ඉල්ලිම සිදු කරයි.
දළඳා ප්රදර්ශනය පැවැත්වෙන කාලසීමාව තුළදී ශ්රී දලදා වහන්සේකේ හා දළඳා මාලිගාව අවට පරිශ්රයේ ආරක්ෂාව මෙන්ම පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක බවද යුද හමුදාව නිවේදනය කරයි.
විශාල ප්රමාණයේ ගමන් මලු රැගෙන ඒමෙන් වලකින ලෙස දැනුම් දුන්නද බැතිමතුන් ඒ සඳහා අවධානයක් යොමුකර නොමැති බව යුද හමුදාව දැනුම් දෙයි.