දළදා වහන්සේගේ බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය විම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ මස 18 වැනි දින සිට 27 දක්වා ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන දළදා වන්දනාවට පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
දළදා වන්දනාවට සභහාගිවන බැතිමතුන්ට ජංගම දුරකකතන ක්‍රියාත්මකව තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවද පෙන්වා දෙයි.
මේ නිසා සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය වන්දනාව පැවැත්වෙන කාල සිමාවෙහිදී ලබා ගන්නා ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ගන්නා ලබා ගන්නා ලද ඡයාරූපයක් ද නැතහොත් සංස්කරණය කරන ලද ඡායාරූපයක්ද යන්න අනාවරණය කර ගැනීමට වැඩබලන පොලිස්පති තුමාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.