www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවැනි කුඹල් පෙරහර ඊයේ (19දා) පස්වරු 6.59ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කෙරිණි.
පෙරහරේ සදාතුක කරඬුව 'සිංහ රාජා' හස්තියා මතින් වැඩම කෙරුණු අතර, දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කළහ.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාලවල පෙරහර සමගින් දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීම සිදු විය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (20දා) රාත්‍රී 6.55ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කරන අතර, පෙරහර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාලවල පෙරහර සමගින් දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
චමිල් රූපසිංහ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd