මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති වී තිබෙන වැසි නිසා එම දිස්ත්‍රික්කයේ කඳු නායයාම්වලට ලක්විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් ජනතාව ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසත්, නායයාම් ලක්ෂණ ඇති වුවහොත් වහාම එම ප්‍ර‘දේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම අනතුරු ඇඟවීම හෙට (19දා) උදෑසන 8.30 දක්වා වලංගු බවත්, තොරතුරු ලබාදීමට හා තොරතුරු ලබාගැනීමට 117 දුරකථන අංකය භාවිත කළ හැකි බවත් හෙතෙම පවසා සිටියේය.