දිස්ත්‍රික්ක 20කට පවතින උණුසුම් තත්ත්වය අද (13දා) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙහිදී කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්ක 11 තුළ වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව යාපනය, පුත්තලම, මාතලේ, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 09 තුළ අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවධානය යොමුකළ යුතු මට්ටමේ ප්‍ර‘දේශවල ජනතාව වෙනුවෙන් නිකුත් කළ අවවාදාත්මක සඳහනේ සඳහන් කර ඇත්තේ වැඩි වෙලාවක් පරිසරයට නිරාවරණය වීම හා ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවීම හා දිගටම විවිධ වැඩ කටයුතුවල නිරත වීම තුළින් විජලනය හා ලවණ ඉවත් වීම නිසා මස්පිඬු පෙරළීම ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ශරීරයේ උෂ්ණත්වය නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි දත්ත විශ්ලේෂණය මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගෙන උණුසුම්කාරී දත්ත සකස් කර තිබේ.
මෙහිදී දර්ශක 27 සිට 32 දක්වා අවධානය යොමුකළ මට්ටම, දර්ශක 32ත්, 41ත් අතර අගයන් වැඩි අවධානය යොමුකළ යුතු මට්ටම, 41ත් 54ත් අතර අනතුරුදායක මට්ටම් හා 54 සිට ඉහළ අගයගන් ඉතා අනතුරුදායක මට්ටම් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
එහෙත් 41 සිට 54 දක්වා දර්ශකවලට කිසිදු දිස්ත්‍රික්කයක් අයත් නොවන අතර, ඉතිරි දිස්ත්‍රික්ක 05 සාමාන්‍ය තත්ත්වයේ පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.