දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නැති බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශ ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි.
මහජන ආරක්ෂක ආඥා පනත් පස්වැනි වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍ර දේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දීමට පූර්ණ බලතල අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාට බලය ඇති බවද ජනාධිපති ලේක්මවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.