දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණය කඩිනම් කිරිමට උපදෙස්
දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව වයස අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මට්ටමින් ලබා දීම ඒඒ දිස්ත්‍රික්කයන්හි උපරිම විධිමත් අයුරින් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එම්.ආනල්ඩ් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ වන විට දෙවන මාත්‍රාව ලබා දීම බොහෝ සෙයින් කෙරෙන අතර එය නියමිත දිනට නියමිත ස්ථානයේම නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
