දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට අතවර කළ විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්
තම පාසලේ පස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ විදුහල්පතිවරයෙකු ජූලි මස දෙවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා (20) වෙනිදා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ කොස්ලන්ද කැලිපනාවල ප්‍රදේශයක පාසලක විදුහල්පතිවරයෙකි.
හෙතෙම පනස් හය හැවිරිදි වියෙහි පසුවන දෙදරු පියෙකි.
පාසලේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විදුහල්පතිවරයා විසින් පාසල් කාලයෙන් පසුව අමතර පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර 18 වෙනිදා පන්තියට පැමිණි සිසු සිසුවියන් අතර සිටි ශිෂ්‍යාවක් පන්තියේ පිටුපසට කැඳවාගෙන ගොස් ලිංගික අතවර සිදුකර තිබේ.
සිද්ධිය පිළිබඳව දැරිය විසින් දෙමව්පියන්ට දැනුම් දීමෙන් අනතුරුව පොලීසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මකවූ කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ඕ.සී සුභසිංහ මහතා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

