දේශීය සීනි අවශ්‍යතාවෙන් සියයට 91ක්ම ආනයනය කරයි
ශ්‍රී ලංකාවේ දේශීය සීනි අවශ්‍යතාවෙන් සියයට 91ක්ම ආනයනය කරන බවට කැබිනට් මණ්ඩලට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් වාර්තාවක දැක්වෙයි.
ඒ අනුව දේශීය සීනි අවශ්‍යතාවෙන් දේශීයව නිපදවන්නේ 9%ක් වැනි ප්රමාණයකි. මේ අනුව සීනි ආනයනය කිරීම වෙනුවෙන් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ගලායන බවද සඳහන්ය.
එම විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අදාළව දේශීය සීනි හා උක් කර්මාන්තය සංවර්ධනය කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්තයෙන් යුතුව ශ්‍රී ලංකා සීනි කර්මානත සංවර්ධන කමිටුව මේ හරහා ස්ථාපිත කිරීමට නියමිතය.
උක්වගා ව්‍යාප්ත කළ හැකි නව ඉඩම් හඳුනාගෙන උක් වගාව ව්‍යාප්ත කිරිමත්, උක් කර්මාන්තයේ නියැලී සිටින වැවිලිකරුවන්නට හා කර්මාන්තකරුවන්ට ඉහළ ආදායමක් ලැබෙන පරිදි උක් හා සීනි කර්මාන්තය සංවර්ධනය කිරීමටත් මෙම කමිටුව හරහා බලාපොරොත්තු වෙයි.
මෙම කමිටුව පිහිටුවීම සඳහා වන කැබිනට් පත්‍රිකාව වැවිලි කර්මාන්ත කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
