වත්මන් ආණ්ඩුව දේශපාලන පළැගැනීම නොකළ බවත් එසේ දේශපාලන පළිගැනීම් කළානම් වැරදි කළ අය සිටිය යුත්තේ සිර ගෙවල්වල බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
තිරසාර පරිසර කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.
“දේශපාලන පළිගැනීම් කළානම් වැරදි කළ අය ඉන්න ඕන හිරගෙවල් වල. අපිට ඕන මේ රට සංවර්ධනය කරන්න. රට හදන්න. විශාල ඉදිරි පිම්මක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාගේ කාල පරිච්ඡේදය තුළ මේ රට ඉදිරියට ගෙන ඒම විතරයි අපේ බලාපොරොත්තුව.”
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස නොවැම්බර් මස 15 දා වන විට ජනතා අයිතියට පත්කිරීමට නියමිත බවද ඔහු පැවැසීය.
එසේම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිම කිරීමට තිබුණේ මීට මාස 9කට පමණ පෙර බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.