තම රාජ්‍ය සේවා කාලය තුළ කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලඥයෙකුට වාසි වෙන ආකාරයට කටයුතු කර නොමැති බවත් වගකීමකින් තොරව කටයුතු කර තවත් සති තුනකින් නැවත රටේ කොවිඩ් ඇතිවුවහොත් මැතිවරණය පවා පැවැත්වීමට නොහැකි වනු ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
ජාතික රූපවාහිනයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ මේ බව පැවැසීය.
“මේ කියන මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වීම සඳහා ම විසින් මාර්ගෝපදේශ දීලා තිබෙනවා. හැබැයි මේ මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යන විට යම්කිසි විදිහකින් අපි නිරෝධායන පනත ශක්තිමත් කරන්නේ නැතිව ජනතාවට නිව නොමර්ල්සි එක රටට දෙන්නේ නැතිව, සමාජ අලෙවිකරණ වැඩපිළිවෙළ යන්නේ නැතිව තව සති තුනකින් කොවිඩ් ආවෝත මැතිවරණයක් නෙමෙයි මොකක්වත් තියන්නේ වෙන්නේ නෑ.
මේක හැමෝම තේරුම්ගන්න ඕන. රජය කරවන අය විපක්ෂයේ අය. මම දැන් රජයේ නාළිකාවක කථා කළත් වෙනත් නාලිකාවකට ගියත් මේ දේ කියනවා.
කරුණාකරලා අපිව මේ දේශපාලඥයෝ දාන කූඩෙටම දාන්න එපා. අපි දේශපාලය කරන්නේ නෑ. අපි අවුරුදු 30ක් මහන්සි වෙලා රාජ්‍ය සේවයේ ඉදලා තියෙන්නේ විවිධ අභියෝග අරගෙන කටයුතු කරලා තිබෙන්නේ අපි කිසිම අභියෝගයකින් පැනලා ගිහින් නෑ.
නමුත් අපි දේශපාලන පක්ෂයකට, දේශපාලඥයෙකුට කඩේ ගිහිල්ලා නෑ. දේශපාලනයෙන් තොරව සේවය කරන අය ඉන්නවානම් අර මානයෙන්ම බලන්න එපා. දේශපාලන වාද විවාද ඇති කර ගන්න. ඒවට අපිව හවුල් කර ගන්න එපා.”