අද (01දා) සිට දේවස්ථාන හා තෝරාගත් හෝටල් මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව පොලීසිය එක්ව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපතිවරුන් විසින් අදාළ ප්‍රදේශවල පොලීසි සමග ඒකාබද්ධ වී විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම ආරක්ෂිත වැඩපිළිවෙළ දේවස්ථාන හෝටල් හා හඳුනාගත් තවත් ස්ථාන රැසක ක්‍රියාත්මක කරන බවත්, අද සිට පාස්කු සතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
පාස්කු සතිය පුරාම මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද ඒ මහතා පවසා සිටියේය.