දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අද දිනයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
එම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු විය හැකිය.
බස්නාහිර,මධ්‍යම,සබරගමුව පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්වලටත් මි.මී 100ට වැඩි වැසි ඇති වේ.
ඌව පළාත, මඩකලපුව, අම්පාර, හම්බන්තොට ඇතුළු දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලත් විටින් විට මද වැසි බලාපොරොත්තු විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, උතුර, උතුරු මැද, වයඹ යන ප්‍රදේශවල හා දකුණු පළාත, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය පැ.කි.මී (40-50) දක්වා වර්ධනය විය හැකිය.
ගිගුරුම් සහ තද වැසි බලාපොරොත්තු විය හැකි අතර, තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.