දිවයින පුරා, විශේෂයෙන් මධ්‍යම, බස්නාහිර, වයඹ, උතුරු -මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද විටින්විට හමන පැ.කි.මී. 70 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින අතර, එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.