දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම සදහා අදත් හෙටත් විවෘතව පවතිනවා.
පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිලෙහි අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
මැනිං තොග වෙළෙදපොල අද විවෘත කිරීමත් සමග එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණා. එසේම මැනිං තොග වෙළෙදපොලට ඇතුළුවන සහ අවට මාර්ගවල විශාල රථවාහන තදබදයක් ද ඇතිවුණා. එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග මිල පහතවැටී ඇති බවකුයි දක්නට ලැබුණේ.
මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ද මාළු තොග විශාල ලෙස ලැබී තිබුණා. කුඩා මාළු වර්ගවල මිල පහත වැටී ඇති ආකාරයකුයි දක්නට ලැබුණේ.
තොග වෙළෙදාම සදහා නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ද මේ වනවිට විවෘතකර තිබෙනවා. වෙළෙදුන් පවසන්නේ අවශ්‍ය තරම් එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇති බවයි. මිලෙහි අඩුවක් දක්නට ලැබෙන බවද ඔවුන් පවසනවා.
මේ අතර නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුව ඇති සතොස අලෙවිසැල හරහා ද ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.
උඩරට එළවළු වර්ග රටපුරා බෙදාහරින ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට විවෘතයි. මේ සදහා ද එළවළු තොග විශාල වශයෙන් ලැබෙමින් පවතින බවයි වෙළෙදුන් පවසන්නේ.