ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 4000 සීමාව ඉක්මවා තිබේ. ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 4335ක් වාර්තා විය.
මෙය පිට පිටම දෙවැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 4000 සීමාව ඉක්මවා යාමකි. අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් අතරින් විදෙස් ගතව පැමිණි දෙදෙනෙක් වෙයි.
සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 394335ක් දක්වා වර්ධනය විය.