දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි වැඩ කටයුතු මාර්තු 14 වනදා සිට ආරම්භ කෙරෙන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
මෙම දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ද පළමු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ස්ථාපනය කර ඇති පරිශ්‍රයේම පිහිටුවීමට නියමිත බව සඳහන්ය.
බරපතළ වංචා,දුෂණ පිළිබඳව නඩු කඩිනම් කිරිමේ අරමුණින් මෙම විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවිමට 2018 අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එහි පළමු අධිකරණය පසුගිය 21 වන දින ආරම්භ විය.