දරුවන්ට එරෙහිව සිදුවන අපචාර අවම කිරීමේ දී පාසල් පද්ධතිය මගින් දරුවන් දැනුවත් කිරීමටත් නීතිය මගින් දරුවන් ආරක්ෂා කිරීමටත් සක්‍රීය දායකත්වයක් අවශ්‍ය වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මෙවර ලෝක ළමාදින ජාතික වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මග පෙන්වීම යටතේයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකයක් විවෘත කිරීම, පාසල් සඳහා ස්වයංක්‍රීය අත් පිරිසිදු කිරීමේ උපකරණ සහ උෂ්ණත්වය මැනීමේ යන්ත්‍ර ප්රදානය කිරීම , පෙර පාසල් සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක වුණා.
දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත පරිගණක 700 ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ බේරුවල ජයන්ති ළමා නිවාසයේ පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීම ද මෙහිදී සිදුවුණා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම , රෝහිත අබේගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න , ලලිත් එල්ලාවල , මර්ජාන් ෆලීල් යන මහත්වරුන් ද එක්ව සිටියා.