ලෝකයම වසංගත බියකින් වෙලී ගියත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 20 දින පැවසීය.
ඇතමුන් විවිධ දෑ ප්‍රකාශ කළද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දස වැනි සංවත්සර උත්සවය සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.