දරුවන් සුරකිමු’’ ජාතික භාර අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්
අසරණ දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන "දරුවන් සුරකිමු" ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පත ඔක්තෝබර් මස 01 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (01) පරිත්‍යාග කරන ලදී.
දිවයින පුරා විසිරී සිටින අසරණ දරුවන් සහ විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ගේ ඉදිරි අනාගතය සුරක්ෂිත කිරිමේ අරමුණින් යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහයෝගීතාව පුළුල් කරමින් මෙම මුල්‍යමය පරිත්‍යාගය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒඑම්ආර් ධර්මසිරි මහතා විසින් ජනාධිපතිතුමන් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ඒ.සී.පී වේරගොඩ මහතාද ද සහභාගී විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
