කොවිඩ් ආසාදනය වූ දරුවන්ගේත් මේ වන විට රෝග ලක්ෂණ පෙන්වීමට පටන්ගෙන ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසා සිටියි.
කොවිඩ් ආසාදනය වූ දරුවෙකු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම හෙවත් Silent hypoxia එම රෝගී තත්ත්වයට පත්වන බවත් මෙය නිහඬ මාරයෙක් බවයි විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත වැඩිදුරටත් සඳහන් කර සිටියේය.