අලුත්ගම දර්ගා නගරය අදිකාරි ගොඩ ප්‍රදේශයේදී අද 16 සිදුවූ බව කියන වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අලූත්ගම පොලිසිය කියයි
පොලිස් විශේෂ කාර්යය බලකා අලුත්ගම කඳවුරේ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාර මධ්‍යයේ එම පුද්ගලයා පලාගොස් ඇති බවට පොලිස් නිලධාරියෙක් පැවැසීය .
අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ