දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කොළඹ 07, ග්‍රෙගරි පාරේ පදිංචිව සිටි නිවසට අදාළ විදුලි සැපයුම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වනවිට ගෙවීමට ඇති හිඟ ශේෂය රුපියල් 1,132,188.07ක මුදල ගෙවන ලෙස දන්වමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඒ මහතාට ලිපියක් යොමුකර තිබේ.
මේ අනුව ඒ මහතා එහි පදිංචිව සිටි කාලය තුළ සිදු කළ පරිභෝජනය වෙනුවෙන් වන හිඟමුදල රුපියල් 637448.38ක් වන අතර, මේ මස 15 වැනි දිනට පෙර එම හිඟ මුදල ගෙවා ගිණුම නිරවුල් කරගන්නා ලෙසද විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී තිබේ.
එදින වනවිට හිඟ මුදල ගෙවා නිරවුල් කර නොගතහොත් පූර්ව දැනුම්දීමකින් තොරව විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුවන බවද එම ලිපිය මගින් දන්වා ඇත.