තෙල් සංස්ථාවේ පිරිසක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයෙන් උද්ඝෝෂණයකට පහරදීමට නොගිය බවත්, ඔවුන් කොලොන්නාවේ සිට සාකච්ඡාවකට දෙමටගොඩට යෑම පහරදීමකට යෑමක් ලෙස දයාසිරි මන්ත්‍රීවරයා හුවා දැක්වූ බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැසීය.
දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේදී අද (06දා) ප්‍රතිචාර දක්වමින් හෙතෙම සඳහන් කළේය.
මහරගම පැවැත්වෙන උද්ඝෝෂණයක් සඳහා ලංකා තෙල් සංස්ථාවේ සේවකයන් පිරිසක් එන්.බී.6640 කියන වාහනයේ නැගලා යනවා කියලා. ඇත්තටම මෙතන සිද්ද වෙලා තියෙන්නේ තෙල් සංස්ථාවේ ඉන්න දෛනික වැටුප් ලබන සේවකයන් සහ සාමාන්‍යාධිකාරීවරයා සමග සාකච්ඡාවක් නියමිත වෙලා තිබුණා. ඒ සාකච්ඡාව සඳහා කොලොන්නාව සිට දෙමටගොඩට මේ වාහනයෙන් සේවකයන් ඇවිත් තිබෙනවා. දයාසිරි මන්ත්‍රීතුමා ඒ සාකච්ඡාවට යෑම තමයි උද්ඝෝෂණයකට පහරදීමක් ලෙස හුවා දැක්වමින් කටයුතු කළේ.