දිවයිනේ ස්ථාන තුනක දිය නාමින් සිටියදී සිදූවූ අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තවත් සිවු දෙනෙක් බේරා ගෙන ඇති බව පොලීසිය පවසයි.
කිරින්ද මුහුදු තීරයේ දිය නාමින් සිටි අවුරුදු 20 ක් හා 22ක් වන ඉසුරු සංදීප හා මලිත් මධුශංක යන තරුණයන් දෙදෙනෙක් ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුහු උරුබොක්කේ පදිංචිකරුවෝ වෙති.
මේ අතර අම්බලන්තොට තොටුපොළක දිය නාමින් සිටි අවුරුදු 15ක් වන ලක්ෂාන් මධුවන්ත නම් සිසුවෙක්ද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටි පවුලේ ඥාතීන් පිරිසක් අතරින් සිවුදෙනෙක් දියේ ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගෙන ඇත.