පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති්.
ඒ අනුව විසි දෙක දින අලුයම වන විට සැලකිය යුතු ප්‍රමාණයෙන් එළවළු මිල පහත වැටී ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා තවමත් වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.
එළවළු මිලදී ගැනීම අවම විමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගිය සියළුම එළවළු වර්ග මිල පහත වැටී තිබේ.
ජනවාරි මාසයේ 17 දින පැවති මිල සහ 22 උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති එළවළු කිලෝ එකක තොග මිල මෙසේ සඳහන් කිරීමටහැකි වී තිබේ.
වර්ගය ජනවාරි 17 දිනය පැවති මිල ජනවාරි 22 දින උදෑසන පැවති මිල
ගෝවා 640 - 650 350 - 380
ලීක්ස් 600 - 700 250 - 300
කැරට් 1700 - 2500 600 - 900
තක්කාලි 200 - 300 350 - 400
රාබු 90 - 100 70 - 80
කැකිරි 80 - 110 100 - 110
පිපිඤ්ඤා 70 - 75 60 - 65
වැටකොලු 300 - 320 300 - 320
බණ්ඩක්කා 290 - 300 250 - 300
පතෝල 250 - 300 250 - 300
කරවිල 400 - 450 300 - 350
‘වට්ටක්කා 100 - 130 90 - 100
වම්බටු 380 - 400 400 - 480
එල බටු 380 - 400 400 - 450
දඹල 300 - 320 320 - 350
මෑ කරල් 300 - 350 250 - 300
දෙහි 120 - 130 130 - 150
අමු මිරිස 1000 - 1100 500 - 600
මාළු මිරිස් 1000 1200 700 - 750