රට පුරා පැවති වැඩවර්ජනය හේතුවෙන් දඹුල්ල නගරයේ පස්වරුව වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතුණ අතර රාජ්‍ය ආයතන බොහොමයක සේවක සේවිකාවෝ විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වී අවසානයේ දී පොදු ස්වෙච්චා සංවිධාන ඒකරාශී වී දඹුල්ල නගර මධ්‍යයට සම්බන්ධ වීම විශේෂත්වයකි
දඹුල්ල රෝහල තැපැල් කාර්යාලය ආදී රාජ්‍ය ආයතන සේවක සේවිකාවෝ මෙම විරෝධතාවය ට සෘජුව සම්බන්ධ ව සිටීම විශේෂත්වයකි .දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් එහි සේවකයෝ ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අයුරු ද දැක ගැනීමට හැකි විය
සංවිධාන රැසක් ඒකාබද්ධ ආරම්භ කර විරෝධතාවය දඹුල්ල ගම්උදාව භූමියෙන් ආරම්භ කොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලට පැමිණ නැවත එහි සිටි දඹුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටට ගොස් සියලු දෙනා එක්ව විරෝධතාවයේ යෙදුනහ .

