දඹුල්ලට නවීන පහසුකම්වලින් සපිරි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම ලබන ඉරිදා (23) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
නවීන සැලසුමකට අනූව අංගසම්පූර්ණ පහසුකම් වලින් සමන්විතව ඉදිකිරීමට කිරීමට යෝජිත මෙම නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 129කට අධික මුදලක් වැයකරීමට නියමිතය.
ලබන වර්ෂයේ (2026) අගෝස්තු මාසය අවසන්වීමට පෙර මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඉදිකිරීම් කටයුතු සදහා උපදේශනය ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව විසින් සිදුකරනු ලබයි.
එකවර අවම වශයෙන් ලොරි රථ 03 ක් ඇතුළු කිරීමට හැකිවන පරිදි සහ එකවර තැපැල් වෑන් රථ 02 ක් ඇතුළු කිරීමට හැකිවන පරිදි සහ වාහන ඇතුල් වන දෙසින් තවත් ලොරි රථ 03 ක් සහ වෑන් රථ 03 ක් පමණ නවතා තැබීමේ පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම මෙම කාර්යයන් අධීක්ෂණය කිරීමද, ලිපි ලේඛණ වල රාජකාරී ද මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනු ලබන අතර ඒ සඳහා නව ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ කාර්යාල පරිශ්‍රයක් ඉදිකිරීමට ද නියමිතය. මෙම කාර්යයන් පැය 24 පුරා සිදුවන බැවින් එම රාජකාරී සිදුකරන කාර්ය මණ්ඩලයට විවේක කාමර ද මෙහි ස්ථාපිත වේ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කොළඹ ප්‍රධාන මධ්‍යම තැපැල් හුවමාරුව රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව, ප්‍රසන්න වැඩ පරිසරයක් තුළ සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන එමින් සහ නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය සේවාවක් සපයන ස්ථානයක් බවට පත් කිරීම ප්රමුඛ අරමුණ කර ගනිමින් විශේෂ සැලැස්මකට අනූව විශේෂ වැඩපිළිවෙලක් මේ වනවිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පිරිදි ක්‍රියාත්මක වෙමින් පවතී. ඒයටතේ මෙම නව දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදි වේ.
කොළඹ සිට දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරුව වෙත තැපැල් භාණ්ඩ රැගෙන යාම හා එහි සිට යාපනය, පොළොන්නරුව හා මඩකලපුව වෙත අදාල තැපැල් භාණ්ඩ රැගෙන යන තෙක් දඹුල්ල හුවමරු මධ්‍යස්ථානය වෙත ගොඩ බෑම හා තාවකාලිකව ගබඩා කිරීම මෙන්ම ඉන් අනතුරුව දඹුල්ල හුවමාරු මධ්‍යස්ථනය සිට අනෙකුත් ගමනාන්ත කාර්යාල එනම් යාපනය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව හා මහනුවර වෙත රැගෙන යාම ද මෙමගින් සිදුකරනු ලබයි.
එසේම යාපනය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව හා මහනුවර සිට රැගෙන එන තැපැල් භාණ්ඩ දඹුල්ල අන්තර් තැපැල් හුවමාරු ස්ථානය (Mail Hub) වෙත ගොඩ බෑම හා තාවකාලිකව ගබඩා කිරීම සහ නැවත කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත රැගෙන ඒම ද මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනු ලබන කාර්යන් වේ.
නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කර ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙරට ජනතාවට නිහඩ අනුපමේය සේවයක් සිඳුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

