දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් තම නේවාසිකාගාරවල ජල පහසුකම් නොමැති බව පවසමින් අද (22දා) පෙරවරුවේ රාජකාරී වලින් ඉවත්ව සිටීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයකට පත් වූහ.
දඹුල්ල මූලික රෝහලේ ෛවද්යවරුන්ගේ නේවාසිකාගාර කිහිපයක මාස කිහිපයක සිට ජල සැපයුම නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත්ව රෝහල් පරිපාලනයයට මේ පිළිබඳව දැනුම් දුන්නද කඩිනම් විසඳුම් නොමැති වීම නිසා තම වෛද්‍යවරුන්ට අත්‍යාවශ්‍ය කාරණා ඉටුකර ගැනීමට නොහැකිව අසරණ වීම මෙම වැඩ වර්ජනයට හේතු වූ බව සේවාවලින් ඉවත්ව රෝහල් ඉදිරිපිට රැඳී සිටි දඹුල්ල රෝහලේ වෛද්‍යවරු පවසති.
පෙරවරුවේ සියලු රාජකාරිවලින් රෝගීන් පරික්ෂා කිරීම් වලින් ඉවත්වූ වෛද්‍ය කණ්ඩායම මූලික රෝහල ඉදිරිපිට වෛද්‍ය අධිකාරී කාර්යාලය ඉදිරිපිට ඒකරාශී වී සිටි අතර අනෙක් පසින් බාහිර අංශයේ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගීන් අසීරුතාවයකට පත්ව සිටින අයුරු දැක ගැනීමට හැකි විය
රෝගීන් කියා සිටියේ ජලය පහසුකම් නොමැති වීම නිසා රෝගීන් අපහසුතාවයට පත් නොකොට එහි පරිපාලන හා දේශපාලන අධිකාරිය අපහසුතාවයට පත්වන ආකාරයෙන් වැඩ වර්ජන කළ යුතු බවද ඔවුහු සඳහන් කර සිටියහ
කෙසේ වෙතත් සෑම ප්‍රශ්නයක දීම ප්‍රතිකාර ලබාගැනීම සඳහා එන රෝගීන් පමණක් අපහසුතාවයට පත් කිරීම අසාධාරණ බව ඔවුහු පවසති. මේ පිළිබඳව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී විමලසේන මහතාගෙන් විමසීමේදී කියා සිටියේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර තුනක ජලය සැපයීමේ බාධා සිදු වී තිබෙන බවය
කෙසේ වෙතත් මේ වන විට ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ එම ජල නල පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා සියලු කටයුතු භාර දී අවසන් ව එම කටයුතු සිදු කෙරෙමින් පවතින බව ය
පරණ ජල නළ ඉවත් කිරීමේදී ටෙන්ඩර් දෝෂ කිහිපයක් සිදු වීමත් සමඟ ප්‍රමාද සිදු වූ බවත් කෙසේ වෙතත් මේ වන විට ජල නල කාර්මිකයින් නේවාසිකාගාරවල ජන නල පද්ධතිය නැවත අළුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරතවී සිටින බව පැවසිය .
එවැනි තත්ත්වයක තිබියදී 22දා උදෑසන වැඩවර්ජනයකට යන බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය තමා වෙත දැනුම් දුන්නේ යැයි වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේය
ජල හිගය හේතුවෙන් පහසුතාවයකට පත්ව ඇති කියන වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී එහි සේවා කරන කම්කරුවන් කීපදෙනකු කියා සිටියේ මේ වනවිටත් එහි ජන නල පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු දින 4 ක පමණ කාලයක සිට සිදු කරමින් සිටින බවත් ඒවැනි අවස්ථාවක මෙම වැඩවර්ජනය සිදු කරමින් පවතින බවත් කෙසේ වෙතත් ඉපැරණි ජල නල සහ දිරාගිය යකඩ මත සවි කොට ඇති ජල නල සහ ජල ටැංකි සවිකිරීමේ කටයුතු වලට ප්‍රමාද වන බව එම කම්කරුවෝ පවසති.


