කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගි වී ආපසු යමින් සිටි දඹුල්ල නගරාධිපති වරයාගේ නිල රිය බව කියන වෑන් රථයකට මීරිගම අධිවේගී පිවිසුම අසල දී ප්‍රහාරයක් එල්ල වී ඇත.
ප්‍රහාරයට ලක් වූ රිය ජනතාව විසින් පෙරළා විනාශ කර දමා ඇති අතර එහි තිබී ආහාර ද්‍රව්‍ය සමඟ අරක්කු බෝතල් 17 ද මිට දිග තියුණු පිහියක් ද හමුවී තිබේ.
නගරාධිපති වරයාගේ නිල රිය බවට සටහන් කෙරෙන ධාවන සටහන් පොත ද එහි තිබී හමුවී ඇත. පුද්ගලයන් හත් දෙනෙකු ඒහි ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය
නගරාධිපතිවරයා මෙහි සිටි ඇත්දැයි තහවුරු වී නැති අතර තවත් පිරිසක් පලා ගොස් ඇති බවද දැනගන්නට ලැබිණි.
මීරීගම කාන්ති

