දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට ආරම්භ කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය,මිලදී ගැනීම සදහා ගැනුම් කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
දිවයින පුරා එළවළු වගා කල ගොවින් නිශිපාදන දඹුල්ලට රැගෙන විත් තිබු අතර රාත්‍රී කාලයේම ආර්ථිකයට ඇතුලත් කර ගැනීමට අවසර ලබාදී තිබිණි .ලැබෙන එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක් පැවතීමත් සමග ඉහල මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති .
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21 දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
බෝංචි 280 -300, ගෝවා 150 ත් 160 ත්, අමුමිරිස් 150ක් 200ත් , ලීක්ස් 140- 160 ත්, දඹල 150ත් 160ක් , කරවිල 280 -300 ත් , කැරට් 140- 150ත් ,වට්ටක්කා 35ත් 45ත් , මාළුමිරිස් 280- 300 පිපිඤ්ඤා80 ත් 90 ත් වම්බටු 140 -150 මෑ කරල් 150 - 160 ලීක්ස් 140 ත් 160 ත්, පතෝල 80 -100 ,වැටකොළු 120 -140, එළබටු 200-220 නොකොල් 90 ත් 110 ත් , මුරුංගා 300 ත් කැකිරි 100 ත් 105 ත් අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ කියති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් කියා සිටියේ මෙයාකාරයෙන් එළවළු මිල වැඩි වී ඇත්තේ එළවලු සදහා ඉහල ඉල්ලුමක් පවතින නිසා බවය , මිට වඩා වැඩි මිලකට සිල්ලරට එළවළු කිලෝවක් පාරිභෝගිකයන්ට ලබා ගැනීමට සිදුව තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් කියා සිටියේ එළවළු රැගෙන ගොස් සිල්ලරට අලවි කිරීම ඉතා අපහසු බවය .එනිසා ඉතා සීමිත ප්‍රමාණයක් රැගෙන යන බවද ඔවුන් පවසති.
ඉන්ධන මිල ඉහල යාම නිසා සංචාරක වෙළදාම සිදුකිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන බව කියති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා ගෙන් එළවළු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ සාමාන්‍ය පරිදි පසුගිය කාලය පුරා එලවලු මිල ඉහළ යෑමේ තත්ත්වය උදාවී තිබෙන බවය . පිට පළාත්වලින් පැමිනෙන වෙළෙන්දෝ හැකි ඉක්මනින් එළවළු මිල දී ගෙන පිටත්ව යෑම මිල ඉහළ යෑම සඳහා තවත් හේතුවක් වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
කාංචන කුමාර ආරියදාස