දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළත් කිරීමේදී ලොරි රථ සහ අනෙකුත් වාහන සඳහා ගොවීන්ගෙන් ගාස්තු වශයෙන් අයකළ රුපියල් 50 ක මුදල අහෝසි කිරීමට නිලධාරින්ට උපදෙස් දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අද (08දා) පැවසිය.
එසේම මෙතෙක් කාලයක් තිස්සේ ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලි සහ කැසිකිලි පාවිච්චි කිරිමේදි අයකළ රුපියල් 20ක මුදලද අය කිරිම වහාම අත්හිටුවිමට උපදෙස් දුන් බවයි.
ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන්ගේ නිෂ්පාදන ක්‍රමවත්ව හා නිදහසේ බාධාවකින් තොරව අලෙවි කර ගැනිමට අවශ්‍ය පහසුකම් සපයන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
රත්තොට රුවන් ධනංජය