සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමත් සමඟ අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගීන් රැසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අලුයම 4.30ට බෙලිඅත්තේ සිට කොළඹ බලා නගරාන්තර ශ්රීඝ්රගාමී දුම්රිය, අලුයම 4.40ට සාගරිකා දුම්රිය සහ අලුයම 5.20ට ගාලු කුමාරි දුම්රිය ගමන් ආරම්භ කළේය.
වෙනත් දිනවලට සාපේක්ෂව අද දිනයේදී දුම්රියෙන් යාමට වැඩි මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6.30ට ගාල්ල බලා එක් දුම්රියක් සහ පෙරවරු 8.45ට වවුනියාව බලා තවත් දුම්රියක් ධාවනය වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පැවසූහ.
අනිෂා මානගේ