කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර නාවලපිටිය ජයසුන්දරඕවිට ප්රදේශයේදි ධාවනය වෙමින් තිබු දුම්රියේ නැරඹුම් මැදිරිය (21) දින පස්වරු 1.40 ට පමණ පිලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
පිලි පැනිමට ලක් වු දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවා දුම්රිය එන්ජිම සහිත සෙසු මැදිරි බදුල්ල දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය පැවසිය.
දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිම නිසා දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
පිලි පැනිමට ලක්වු නැරඹුම් මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද දුම්රිය පාලක මැදිරිය පැවසිය.