ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවේදී ගැටලු විසඳන බවට පොරොන්දු වූ බැවින් දුම්රිය වැඩවර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව සවස 2.00 පමණ වන විට දුම්රිය සේවයේ 90%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට පත්වන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.
සමස්ත දුම්රිය සේවාවම හෙට (13දා) යථා තත්ත්වයට පත්වන බවද හෙතෙම පවසා සිටියේය.