වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් නොමිලේ ගමන් කිරීමේ හැකියාව සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වැටුප් විශමතාවක් පදනම් කරගනිමින් අද(08) පස්වරු 03.00 ට ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ආරම්භ කල මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් එක්ව සිටින බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි ඕල්කට්මාවතේ මං තීරු දෙකම දුම්රිය මගීන් විසින් අවහිර කර තිබේ.