සිය ගැටලු විසඳා ගැනීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සඳහා බලධාරීන් මේ වන තෙක්ම සාකච්ඡාවක් ලබාදී නොමැති බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. එසේම වෙනදා දුම්රිය වර්ජනය සඳහා එක්නොවූ පිරිස්ද මෙම වර්ජනයට එක්ව ඇති හෙයින් කිසිඳු දුම්රියක් ධාවනය නොවෙනු ඇතැයිද වෘත්තීය සමිති සඳහන් කරයි. අද දිනයේදී කිසිම දුම්රියක් මේ වන තෙක්ම කොළඹ කොටුවට ළගා වී හෝ කොළඹ කොටුවෙන් පිටත්ව නොමැති බවත් ඔවුහු පවසති.