දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයකට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳා ගැනීමට අද (23දා) පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මෙම සාකච්ඡා පැවැත්වූ බවත්, සාකච්ඡා අසාර්ථක වීම නිසා ගැටලු විසඳා ගැනීමට වැඩවර්ජනයක් සිදුකරන බවත් එම සංගම් සඳහන් කරයි.
වැඩ වර්ජනය සිදුවන දිනය වෙලාව අද රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කරන බවද සංගම් නියෝජිතයෝ කියා සිටිති.