කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ඊට පිටුපසින් පැමිණි රඹුක්කන දක්වා ධාවනය වු බලවේග කට්ටල දුම්රිය ඊයේ (06දා) පානලියේදී ගැටීම නිසා සිදුවු අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ රාත්‍රියේදීම දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතාට නියෝග කර ඇත.
ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසටද, අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙන ලදි. කිසිම අයුරකින් මෙම අනතුර සම්බන්ධව වැරදිකරුවකු වන අය තරාතිරම නොබලා විනයානුකූලව දඬුවම් කිරීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙන ලදි.