බදුල්ල දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර සියයක් පිරෙන 2021 මෙම වසරේදි සංස්කෘතික අමාත්‍යාංශය සමග එක්ව පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පැවසීය.
1921 වසරේදි බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දෙමෝදර පදිංචි පී.කේ අප්පුහාමි නැමති ගැමියෙකුගේ නිර්මාණයකට අනුව ආරුක්කු නවය පාලම හෙවත් අහස් නවයේ පාලම ඉදිකර තිබේ.
උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමග දෙමෝදර කදු දෙක අතර සම්බන්ධ කිරීමට ගල්,ගඩොල් සිමෙන්ති හා යකඩ භාවිතා කරමින් ඉදි කළ මෙම පාලම අඩි 300ක් දිග,අඩි 25ක්පළල,අඩි 80ක් උසට නිර්මාණය කර තිබේ.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි