එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන දන්සැල්ස ඳහා භාවිත කරන ජලය සම්බන්ධයෙන් එම සංවිධායකයින් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.
‘‘පසුගිය දිනවල පැවති අයපහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඇති ජල ප්‍රභයන් දුෂණය වී තිබිය හැකියි, එසේම ඇතැම් ජල ප්‍රභවයන් තුළ ඇතැම්විට මිනිස් සහ සත්ත්ව අශුචි පවා මිශ්‍ර වී තිබිය හැකියි.එසේ අපිරිසිදුවී ඇති ජලය භාවිත කරමින් ආහාර පාන සකස් කළහොත් ඒවා භාවිත කරන්නන් පාචන සහ උදරාබාධ රෝගවලට ලක්වීමට ඉඩ තියෙනව. මේ නිසා දන්සැල් සංවිධායකයින්ට අවශ්‍ය නම් දන්සැල් සඳහා තමන් පාවිච්චි කිරීමට සුදානම් වන ජලය පරීක්ෂා කර ගැනීමට හෝ ක්ලෝරීන් කරණය කර ගැනීමට හෝ සම්පූර්ණ සහාය දීමට ලබාදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුදානමින් සිටින බව කියන්න කැමතියි.‘‘
මෙහිදී සියලුම දන්සැල් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලියාපදිංචි කරන ලෙස සංවිධායකයින් ගෙන් ඉල්ලීමක් කරන බවත් එය අනිවර්ය බවත් ඒ මහතා පැවසීය.
‘‘කිසියම් ස්ථානයක ලියාපදිංචි නොකර දන්සැලක් පවත්වා ගෙන යනවා නම් ඇතැම් විට එම දන්සැල අවලංගු කිරීමට අපිට සිදු වේවි.එසේත් නැත්නම් එම දන්සැල තුළ ඇති ආහාර කොටස් ඉවත් කිරීමට වුවද සිදුවේවි.ඇතැම් විට දන්සැල් හිමියන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්න වුණත් අපිට සිදු වේවි.මේ සියල්ල කරන්නේ බැතිමතුන්ට සුරක්ෂිත ආහාර පාන ලබාදීම සඳහා මිස දන්සැල් සංවිධායකයින් අපහසුතාවයන්ට පත් කරන්න නොවන බවත් කියන්න කැමතියි.ඒ නිසා දන්සැල් ලියාපදිංචි කරන ලෙස ඒවා සංවිධායකයින්ගෙන් අප ඉල්ලා සිටිනව. එවිට පෙර උපදෙස් ලබා දීම සහ සෙසු තාක්ෂණික සහාය ලබා දීමට දිවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් සුදානමින් සිටින බවත් කියන්න කැමැතියි‘‘ යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි