දිනේෂ්ගෙන් මහ බැංකු අධිපතිට අභියෝගයක්
මේ වසරේදී කොතරම් මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්දැයි යන්න හැකියාවක් පවතීනම් හෙළි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිට අභියෝගයක් එල්ල කළේය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. "රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදල් අච්චු ගසමින් තිබෙනවා. මම අභියෝග කරනවා මහ බැංකු අධිපතිට හැකියාවක් තිබේනම් මේ වසරේදී කොතරම් මුදල් ප්‍රමාණයක් අච්චු ගසා ඇත්දැයි හෙළි කරන ලෙස" යැයි ඔහු සඳහන් කළේය.
-
Nandana Tuesday, 12 March 2019 09:10 PM
බොහොම හොද වැඩක් ,අපට 2015 පෙර ඒවත් දැනගන්න ඕන
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
