දෙදිනක් තුළ (8,9) යන දිනයන්හි මධ්‍යම රාත්‍රියේ සහ අලුයම් කාලය ආවරණය වන පරිදි පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් මත බස්නාහිර පළාත සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බිමත්ව රිය ධාවනය කර ලද රියදුරන් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සතිඅන්තවලදි මධ්‍යම රාත්‍රි හා අලුයම් කාලයේදි සමාජ ශාලාවල සහ අවන්හල්වල මත්පැන් පානය කර රිය ධාවනය කරන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට පොලිස්පතිතුමාට ලැබි තිබු තොරතුරකට අනුව ඔහුගේ සෘජු අධික්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
මෙහිදි 8 වන දිනය තුළ බිමත් රියදුරන් 222ක් හා 9වන දින 305 ක් වශයෙන් බිමත් රියදුරන් 527ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස අතර නීතිඥයින්,වෛද්‍යවරුන් ,ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් ඇතුළු සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට සමත් වි තිබේ.
මොවුන් සියලු දෙනාටම ඉදිරියේදි නඩු පවරා නීතිමය පියවර ගැනිමට බලාපොරෝත්තු වන බව පොලිසිය සඳහන් කරයි.
