මේ වන විට රට අවශ්‍ය ආරක්ෂිත රටක් බවට පත්ව ඇති බවත් යන්න හිතෙන රටක් නොව දැන් පවතින්නේ ඉන්න හිතෙන රටක් බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පස්සර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි
“එක්සත් ජාතික පක්ෂයේ අය ඇහුවා කොහොමද වැට් බද්ද අඩු කරන්නේ කියලා.දැන් ඔය අඩු කරලා තියෙන්නේ. ජනතාව ඒවාගේ ප්රතිලාභ ක්‍රමයෙන් ලබමින් ඉන්නවා. ඉරානය ඇතුළු රටවල් කිහිපයක් සමග කථා කර ගෙන යනවා තේ අපනයනය කරන්න.රබර් වල මිළත් ඉහළ දමනවා.
අපි මතක තබා ගත යුතුයි කොටියාගේ සෙවණැලි තවම ක්‍රියාත්මක වෙනවා.ඒවාටත් අපි රටක් ලෙස මුහුණ දිය යුතුයි. අපි සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා ලබා දෙනවා වගේම සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් සියලු දෙනාටත් රැකියා ලබා දෙනවා. දැන් අපිට මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම දියත් කරන්න බැහැ. මොකද අය වැය ලේඛණයෙන් වෙන් කරන්න ඕන.ඒවා කරන්න වෙන්නේ ලබන මහා මැතිවරණයෙන් පසුවයි.
අද රට හරි මගට යමින් තිබෙනවා.අල්ලස දුෂණය නැහැ. දෙමළ මුස්ලිම් ජනතාව ගිය සැරේ ඡන්දයේදී නොමග ගියා.නමුත් දැන් ඒ අය ඒක තේරුම් අර ගෙන තියෙනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ සියලු දෙනාම මගේ රට වැසියන් ලෙස සළකනවා කියලා කිවුවා.
අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ මහා සංඝ රත්නය විශාල මෙහෙවරක් කළා.ඒක අපි අගය කරනවා.එක්සත් ජාතික පක්ෂයේ අය මහා සංඝ රත්නයට අගෞරව කළා.දැන් කියනවා වැරදි හදා ගන්නවා කියලා.අපි ඒ අයට කියනවා රටට ජාතියට ආගමට ද්‍රෝහි වුන අයට දේශපාලන අනාගතයක් නැහැ.
පාස්කු ප්‍රහාරය වගේ දේවල් මේ රටේ ආයේ වෙන්නේ නැහැ. රට ආරක්ෂිත රටක් බවට පත් වෙලා තියෙනවා. යන්න හිතෙන රටක් නෙමෙයි ඉන්න හිතෙන රටක් බවට අද රට පත් වෙලා තිබෙනවා.”