කෝවිඩ්-19 රෝගය විද්‍යාත්මක ලෙස පාලනය කිරීම සඳහා සති හයක කාලයක්වත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, දින 10ක කාලයකින් රට විවෘත කළහොත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා සති හයක කාලයකට රට වසා ජනතාවට අවශ්‍ය ආහාර හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස්කළ යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඊයේ(23දා) ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ ආණ්ඩුවට නිසි සැලස්මක් නොතිබූ බවත්, රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බවට සවස 2.00 ප්‍රකාශ කර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකකිරීම නිසා දුප්පත් ජනතාව දැඩි අසරණ තත්ත්වයක පත් වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
විද්‍යාත්මක ලෙස රෝගය පාලනය කිරීමට නම් සති හයක්රට වසා තැබිය යුතු බවත්,එහිදී ජනතාවට අවශ්‍ය ඖෂධ හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන රැස්කර ගැනීම සඳහා දින කිහිපයක කාලයක් ලබාදීමට තිබූ බවත් ලේකම්වරයාපැවසීය.
දින 10කින් පසු රට විවෘත කිරීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මෙම කාලය තුළ රෝගය ශරීරගත වී සිටින පිරිස් සමාජයට එකතු වී නැවත රෝගය පැතිර යාම බවත්, නිවෙස් තුළ රෝගීන් සිටියදී සිදුවන්නේ, පවුලේ පිරිස්වලට පමණක් රෝගය ආසාදනය වීම බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා රට වසා තබන කාලය තුළදී රෝගීන් හඳුනාගෙන අදාළ කළමනාකරණ කටයුතු සිදුකළ යුතු බවත්,ඒ හරහා රෝගය පාලනය වී තිබෙන බවට තහවුරු කර ගැනීමෙන් පසු රට විවෘත කළ යුතු බවත් වෛද්යජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.