කොළඹ හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු මාර්ගයේ වාහන පරීක්ෂා කරමින් සිටින විට බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් එම නිලධාරීන් යටකර ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම අනතුරින් 52 හැවැරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් හා එම අවස්ථාවේදී පරීක්ෂා කරමින් සිටි ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයේ සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔහු පැවැසීය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද පෙරවරු 4.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.