කොරෝනා රෝග තත්ත්වය මත හෙද කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දින පහක සේවයෙන් පසුව දෙදිනක විවේකය , තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් , ගම්පහ දිස්ත්‍රික්කයේ මහ රෝහලෙහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (1) උදෑසන සිට සේවා කටයුතු වලින් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුව සිටිති.
කොරෝනා වසංගතය හමුවේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයද අනතුරුදායක තත්ත්වයක් යටතේ කටයුතු කරන බැවින් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කොට ඇති චක්‍රලේඛය මගින් හෙද කාර්ය මණ්ඩලයට ලබා දෙන දෙදිනක විවේක නිවාඩුව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයටද ලබාදීම සිදු කරන ලෙස ඉල්ලා, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කොට සේවා කටයුතුවලින් බැහැරව සිටින බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්. කේ. පී .රත්නායක මහතා පැවසීය.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට දෙදිනක විවේක නිවාඩුව ලබාදීමේ චක්‍රලේඛය පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙම ක්‍රියා මාර්ගය හේතුවෙන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , පවතින තත්ත්වය මත දැඩි අපහසුතාවයක් මධ්‍යයේ වුවද උපරිමව රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවය.
ගම්පහ තිලකරත්න දිසානායක